බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි මන්ත්‍රීවරු 19ක් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරු පිරිසක් ලිපියක් භාරදී තිබේ.

මන්ත්‍රීවරු 19 දෙනෙකුගේ අත්සන් සහිත එම ලිපි⁣ය ඊයේ බැසිල් රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වී බැසිල් රජපක්ෂ මහතාට අවස්ථාව ලබා දෙන බවටද පසුගිය දිනවල ප්‍රචාරය වූ අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන හිමිවරුන් කිහිප දෙනෙකුගේ විරෝධතාවද එල්ල වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here