කොවිඩ් 19 ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ,කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මීගොඩ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙතෙක් මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබේ.