ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කරයි – තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශත් අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසත් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර හුදකලා කර තිබූ තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව කුරුණෑගල නගර සභා සීමාවේ ඉලිප්පුගෙදර සහ කඩවීදිය ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට පනවා තිබූ හුදකලා තත්ත්වය ඉවත් කර තිබේ.

එමෙන්ම කුලියාපිටිය පොලිස් බලදේශයේ ගලගෙදර, හම්මලව, සහ ඉහළ කළුගමුව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ඨාසවලද හුදකලා කිරීම ඉවත් කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here