මුහුණු ආවරණ පැලඳ නොසිටි 39ක් අත්අඩංගුවට

නිරෝධායන නීතිය කඩ කළ,මුහුණ ආවරණ නොපැලදී, දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39ක් ප්‍රථමවරට අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  ප්‍රකාශ කළේය.

ඒ මහතා සඳහන් කලේ පසුගිය දින 14 තුළ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් සහනයක් ලබා දී තිබූ අතර එම සහනය ඊයේ සිට ඉවත් කල බවයි.

මේ අතර නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ දක්වා නිරෝධායන අඳිරිනීතිය කඩ කල පුද්ගලයින් 1480ක් අත් අඩංගුවට පත්ව තිබෙන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම වාහන 40ක් ද ඊයේ පොලිස් භාරයට පත්ව තිබේ. මේ දක්වා පොලිස්භාරයට පත්ව තිබෙන වාහන සංඛ්‍යාව 218කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here