20ට කතානායක අත්සන් තබයි

පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.

ඒ අනුව අනුමතවූ නීති අද සිට බලාත්මක බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කරයි.

මේ අතර 20 ට සහාය දුන් මන්ත්‍රීවරු 09 දෙනෙකු සමගි ජන බලවේගයෙන් නෙරපා ඇති නිසා ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායකවරයාට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here