තවත් ආසාදිතයින් 261ක්

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 261ක් වාර්තා වු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 27දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ.

අනෙක් 234දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

අද (26) වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 4,939ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 8,413කි.

මේවන විට රෝහල්ගතව සිටින ආසාදිතයන් ගණන 4,464ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here