දුමින්ද සිල්වාට ජනපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා ලිපියක් ?

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ජනපති සමාව ලබා දී නිදහස් කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50කට අධික පිරිසක් ලිපියකට අත්සන් තබා තිබේ.

අත්සන් සහිත එම ලිපිය ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිත බව වාර්තා වේ.

අමාත්‍යවරු රැසක්ද ඊට අත්සන් තබා ඇති බව සඳහන්ය.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සදහා මෙම ලිපියට අත්සන් ලබා ගෙන ඇත්තේ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මූලිඛත්වයෙන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here