VIDEO: රිෂාඩ්ට හකීම්ට ආණ්ඩුව සමග තිබෙන්නේ මූල්‍යමය පමණක් නොව ප්‍රේමණීය ගනුදෙනුවක් – අනුර

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ වල අනෙක් මන්ත්‍රීවරුන් සහය ලබා දුන්නේ ඔවුන් ආණ්ඩුව සමග තිබෙන මූල්‍යමය ගනුදෙනුවක් පමණක් නොව ප්‍රේමණීය දේශපාලන ගනුදෙනුවක් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආණ්ඩුව පසුගිය මැතිවරණයේදී මුස්ලිම් විරෝධයක් නිර්මාණය කරමින් සිංහල ඡන්ද ආමන්ත්‍රණය කළ බවත් එම විරෝධය කේන්ද්‍ර කලේ රිෂාඩ් සහ හකීම් යන මන්ත්‍රීවරුන්ට බවත් අනුර දිසානායක මහතා පවසයි.

20 වන සංශෝධනය සම්මත වීම සඳහා ආණ්ඩුවට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අඩුව පැවති බව පැවසූ අනුර දිසානායක මහතා සඳහන් කලේ ඒ වෙනුවෙන් හකීම් මන්ත්‍රීවරයා නායකත්වය දරණ පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන් 5 දෙනාගේ සහ රිෂාඩ් මන්ත්‍රීවරයා නායකත්වය දරණ පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන් 4 දෙනාගේ සහය ආණ්ඩුවට ලැබුනේ රිෂාඩ් සහ හකීම් මන්ත්‍රීවරුන්ගේ දැනුවත් වීම මත බවයි.

නමුත් හකීම් මන්ත්‍රීවරයා හෝ රිෂාඩ් මන්ත්‍රීවරයා සෘජුවම සහය දුන්නේ නම් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ බොහෝ දෙනෙකුගේ විරෝධතාවයක් මතු වන බැවින් එම විරෝධතාවයත් යටපත් කරමින් 20 නව සංශෝධණයට 2/3 ලබා දීම සඳහා රිෂාඩ් සහ හකීම් මන්ත්‍රීවරුන් පමණක් විරුද්ධව ඡන්දය ලබා දුන් බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here