මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7000 ඉක්මවයි

ඊයේ රාත්‍රියේ නව කොවිඩ් 19 ආසාදිතයින් 256ක් හඳුුනාගැනීමත් සමඟම මෙරටින් මේ වන තෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7153ක් දක්වා ඉහල ගොස් තිබේ.

එම ආසාදිතයින් 256 අතරින්  පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 39ක් වෙයි.

අනෙක් 217 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වෙයි.

ඊයේ සවස් කාලයේද කොවිඩ් ආසාදිතයින් 609ක් හඳුුනාගෙන තිබූ අතර ඒ අනුව ඊයේ දිනයේ පමණක් හඳුුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 865කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here