20 ට සහය දුන් විපක්ෂ මන්ත්‍රීන්

පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් ලැබුණි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඉෂාක් රහුමාන්, එම්. රහීම්, අහමඩ් නසීර්, මොහාමඩ් හාරිස්, ෆයිසාල් කාසිම්, අරවින්ද් කුමාර්, සහ එම්. එස්. තව්ෆීක් එම මන්ත්‍රීවරු වේ.

මීට පෙර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධත්වය ප්‍රකාශ කල විජේදාස රජපක්ෂ මහතාද පක්ෂව ජන්දය ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here