කොරෝනා වසංගතයෙන් කුරුණෑගල තැලසීමියා ඒකකයත් වසාදමයි

කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද (21) තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක වන එම උපස්ථායිකාවට සහ 13 හැවිරිදි ඇගේ දියණියටද වයිරසය ආසාදනය වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කළ පී.සී.ආර්. පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ සියලු ප්‍රතිකාර සේවාවන් අද දින පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවා එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here