දිනපතා සාගරිකා දුම්රියෙන් වැඩට ආ පුද්ගලයෙකුත් කොරෝනා

ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

පසු එම පුද්ගලයා ඊයේ (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පැවසීය.

එම පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන අතර ඔහු දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන් කරන අයෙකු බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේය.

එම පුද්ගලයා ඉකුත් 16 වෙනිදා රාත්‍රියේ දී නිවසට පැමිණ ඇති අතර පසුව පසුගිය 18 වන දා උදැසන PCR පරික්ෂණය සඳහා ජෛව සාම්පල් ඇල්පිටිය රෝහලට ලබාදි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේය.

ඊයේ දින එම පි. සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබුණු බවත්, ඒ අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අනාවරණ වී ඇත.

ඒ අනුව, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා හා ඔහු පදිංචි යාබද නිවසේ පදිංචි මව සහ පියා නිරෝධායනයට ලක්කොට ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here