කුලියාපිටිය රෝහලේ ප‍්‍රථිකාර ලබමින් සිටි කාන්තාවකට කොවිඩ්-වෛද්‍යවරුන් 12ක් ඇතුළු 43ක් නිරෝධායනයට

කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබමින් සිටි කාන්තාවකට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ

මේ හේතුවෙන් එම කාන්තාව පළමුව ප්‍රතිකාර කිරීමට ඇතුළත් කළ රෝහලේ 15 හා 11 වාට්ටු දෙක සහ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කුලියාපිටිය රෝහලේ මේ වනවිට ප‍්‍රථිකාර ලබමින් සිටින රෝගීන්ට එලෙසින්ම ප‍්‍රථිකාර කිරීම දිගටම සිදුකරනු ලබන අතර නව රෝගීන් ඇතුළත් කිරීම මේ වනවිට නවතා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රෝගීන්ට ප‍්‍රථිකාර කළ සාත්තු කළ මෙන්ව ඇප උපස්ථාන කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු මේ වනවිට නිරෝධායනය කිරීමට නව නිරෝධායන මධ්‍යස්ථානයක් කුලියාපිටිය යාකරවත්ත ගුරු පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රථිස්ථාපනය කිරීමට මේ වනවිට කටයුතු සිදුකරන බව කුලියාපිටිය රෝහල් අධ්‍යක්‍ෂකවරයා පැවසීය.

ඉකුත් 12 වෙනිදා හෘද රෝගයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කරන ලද මෙම කාන්තාවට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 14 වෙනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.

වෛද්‍යවරුන්ට පසුව ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී එම කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු හමුවූ විවාහ මංගල උත්සවයකට සහභාගිවී ඇති බවට තොරතුරු ලැබීමෙන් පසුව ඇයට PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී එම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here