පොළොන්නරුව රෝහල් කාර්යය මණ්ඩලයේ 42ක් නිරෝධායනයට

නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග පොලොන්නරුව මහ රෝහලේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය 42කු නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකිරීමට ද පියවර ගෙන තිබේ.

එමෙන්ම පොළොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොළොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here