ආර්ථික ව්‍යසනයෙන් මිදීමට නම් 19 ඉවත් කර රට ඉදිරියට ගෙන යා යුතුයි – එස්.බී දිසානායක

රටේ තිබෙන ආර්ථික අර්බුධයෙන් මිදීමට නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රට ඉදිරියට ගෙන යා යුතු බව  ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා බව කියා සිටියේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු ලෝකයේම ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටී ඇතැයි ද ලෝක බංකුවට අනුව ලෝක ආදායම 5% කින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට අනුව 7% ක් න් අඩු වී ඇතැයි ද සංවරධිත රට වල අර්ථික සංවර්ධන වේගය 5% කින් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල අර්ථික සංවර්ධන වේගය 3% අඩු වී ඇතැයිද ඒ මහතා මෙහිදී වැඩිදුටත් පැවසීය.

2012 න් පසු මෙරට ප්‍රධාන අදායම් මාර්ග සංචාරක ව්‍යාපරය, විදේශ විනිමය සහ ඇඟලුම් කර්මාන්තය වූ බවත් ලොක්යේම පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් සියල්ලම කඩා වැටී ඇති බවත් කියා සිටි එස්.බී දිසානායක මහතා අප රටට ආර්ථිකය අතින් ලෝකයේ අනෙක් රවටල වඩා ඉක්මනින් ඉදිරියට යෑමේ හැකියාවක් පවතින බවද කියා සිටියේය.

ඒ සඳහා ශක්තිමත් නායකත්වයක්,දේශප්‍රේමී නයකත්වයක් අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයාට බලය අවශ්‍ය බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

”සමහරු කියනවා 20 ඕන නැ අලුත් ව්‍යවස්තාවක් ගේන්න කියල.අපි අළුත් ව්‍යවස්තාවක් හදල වැඩ පටන් ගන්න ගියෙත් ජනාධිපතිගේ ධූර කාලයෙන් 3/4 ක් ඉවර වෙලා තියෙයි.ඒක සාධාරණද?69 ලක්ෂයක් චන්දෙ දීල අන්තවාදීන් නැති ,2/3 බලයක් සහිත ආණ්ඩුවක් හදපු මිනිස්සුන්ට අවුරුදු 5ම වැඩක් කරගන්න බැරුව ආණ්ඩුව අසරණ වෙලා කඩා වට්ටන එක සාධාරණද?” යනුවෙන් පැවසූ එස්.බී දිසානායක මහතා රටේ තිබෙන ආර්ථික අර්බුධයෙන් මිදීමට නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රට ඉදිරියට ගෙන යා යුතු බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here