මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 1721ක්

මිනුවන්ගොඩ පොකුරෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් වැඩි දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 ක් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5170 දක්වා ඉහළ ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here