කොවිවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස එළඹෙන ඉරිදා (11) දින පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ 12 වන සඳුදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ඒ අනුව අදාළ විභාග පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා https://info.moe.gov.lk දිගුව ඔස්සේ පිවිසිය හැකි ය.
උක්ත විභාග සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තොරතුරු මාර්ගගත ක්‍රමයට ලබාදීමට නොහැකි වූ සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදීම එම තොරතුරු ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා අදාළ ආකෘති පත්‍රය (සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි) භාෂාත්‍රයෙන් විභාග දෙපාර්මේන්තුව විසින් විභාග මධ්‍යස්ථානාධිපති වෙත ලබා දීම සඳහා කලාප/ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත යොමු කරනු ලැබේ.
එහිදී වාර්තා වන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන මෙන් සියලුම පළාත්/කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විභාග මධ්‍යස්ථාන භාර නිලධාරීන් දැනුවත් කර ඇත.
ඒ අනුව විභාග අපේක්ෂකයන් විසින් සම්පූර්ණ කරන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටියි. අ. පො. ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු ම සිසුන් තම තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු අතර 5 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමාපියන් විසින් මෙම තොරතුරු සම්පූර්ණ කළ යුතු ය.
ප්‍රථම අවස්ථාවේ දී තොරතුරු ඇතුළත් කිරීමෙන් අනතුරුව තමාගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් ගැටලුවක් මතුවුව හොත් ඒ ඒ අවස්ථාවල දී නැවත තොරතුරු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු ය.
මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවන් වෙතොත් අදාළ ප්‍රවේශ පත්‍රය සිය ජාතික හැදුනුම්පත් අංකය භාවිත කර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ දිනවල පවතින කොවිඩ් 19 තත්ත්වය තුළ විභාග මධ්‍යස්ථානවල පහසුකම් සැපයීම සම්බන්ධීකරණයට හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සමඟ සම්බන්ධ වෙමින් විභාග මධ්‍යස්ථාන විශබීජහරණය කිරීම සහ අවශ්‍ය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට එම විභාග මධ්‍යස්ථානවලට අදාල විදුහල් වල විදුහල්පති,නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු හෝ ජේෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපතිවරයෙකු වශයෙන් පත් කිරීමටද තීරණය කර තිබේ.