සමාජවාදී තරුණ සංගමය “චේ දිනය” සමරයි

ශ්‍රේෂ්ඨ විප්ලවීය නායක අර්නස්ටෝ චේ ගුවේරාගේ 53 වන ගුණ සමරු උත්සවය හොරණ,මොරගහහේන – යහලකැලේ ” චේ උද්‍යානයේ “චේ ගුවේරා ලංකාවට පැමිණි මොහොතේ රෝපණය කල මහෝගනි ගස හා ස්මාරකය අභියස දී අද (08) පැවැත්විණි.

කියුබානු රජයේ අමාත්‍යවරයෙකු ලෙස මෙරටට පැමිණි චේ ගුවේරා 1959 අගෝස්තු 05 දින මෙම මගෝගනි පැළය රෝපණය කර ඇත.

මේ අවස්ථාවට කියුබන් තනාපතිනය ජුවානා ඒ්ලේනා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර , සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ , සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය , සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් මධූ කල්පනා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

අර්නස්ටෝ චේ ගුවේරාගේ මිය ගිය දිනය වන ඔක්තෝබර් 8 වන දින “චේ දිනය” ලෙස නම්කර සමාජවාදී තරුණ සංගමය විසින් සෑම වසරකම විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here