Che කියන්නේ ආදරය – එරංග ගුණසේකර

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරනු ලබන ” චේ දිනය ” පිළිබඳව එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ලංකා පුවත්පත සමඟ

• ඇයි චේ දිනයක්..මොකටද චේ සමරන්නේ?

ඇත්තටම අපි චේ සමරනවා නෙමෙයි, අපි
කරන්නේ, චේ පිළිබඳව දිනයක් සංවිධානය කරලා
ඒ වටා එකතු වන අයට චේ ගැනත්, ලෝකය
ගැනත්, ආදරය ගැනත් අදහස් හුවමාරුවකට යන්න.
ක‍්‍රියාකාරකම් හුඟකට එකතු වෙන්න.

• කවදද මේ වැඩසටහන් තියෙන්නේ?

ඔක්තෝබර් 8 වැනිදා ඉඳන් ඔක්තෝබර් 20 වැනිදා
වෙනකම් ලංකාව පුරාම මේ ‘චේ මතකය’ ගැන අපි
විවිධ දේ කරනවා.
සංගීතමය වැඩසටහන්, විවිධ දේශන සහ ඒවා
මුල්කරගත්ත සංවාද, අපේ සමාජයේ පැතිර පවතින
මිථ්‍යාවන් වෙනුවට විද්‍යාව පිළිබඳව කෙරෙන
කතාබහ වගේ විවිධ දේ. මේ කාලය තුළ ලංකාව පුරා
ගම්මානවල වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා.

• මොකක්ද ඒ වගේ දේ කිරීමේ අදහස?

අපි හැමෝම චේ ගැන මොකක් හෝ දෙයක්
දන්නවා. සමහර දෙනකුට චේ ගුවේරා කියන්නේ
තරුණකමේ විලාසිතාවක්. තවත් සමහර දෙනකුට
අපූරු මානවපේ‍්‍රමියෙක්. තවත් අයකුට සන්නද්ධ
සටන්කරුවෙක්. තවත් අයකුට තියුණු වාමාංශික
දේශපාලන දැක්මක් ඇති අයෙක්. තවත් කෙනෙක්
චේව දකින්නේ ගරිල්ලා භටයෙක් විදිහට. ඇමෙරිකාව
ප‍්‍රමුඛ අතළොස්සකට ත‍්‍රස්තවාදියෙක්.

• ඇත්තටම එකම මිනිසකුට මේ සියල්ලම දරන්න
පුළු‍වන් ද?

ලෝකය පුරාම චේට ආදරය කරන හැම කෙනකුම
දන්නා දෙයක් තමයි, චේ සතුව තිබුණු මනුස්සකම,
ආදරය, උතුරන දරු සෙනෙහස, ජාත්‍යන්තරවාදී බව.
චේ උපදින්නේ 1928 ජුනි 14 වැනිදා. චේ
උපදින්නේ ආර්ජන්ටිනාවේ. චේට භයවෙන
ඇමෙරිකානු ක්‍ෂ් සංවිධානය චේව මරලා දාන්නේ 1967
ඔක්තෝබර් 9 වැනිදා. ඒ බොලිවියාවේදී.
කියුබානු විමුක්ති අරගලයත් එක්ක ෆිදෙල් කැස්ත්‍රෝ
ප‍්‍රමුඛ කණ්ඩායම කියුබාවේ බලය ගත්තට පස්සේ 1959
නොවැම්බර් 26 වැනිදා කියුබාවේ මහබැංකු අධිපති
වෙන්නේ චේ. ඊට පස්සේ 1961 පෙබරවාරි 11 වැනිදා
චේ ගුවේරා කියුබාවේ කර්මාන්ත ඇමති වෙනවා.
හැබැයි, මේ තනතුරු සේරම අතහැරලා චේ
ලතින් ඇමෙරිකාවේ සහෝදර ජනතාව වෙනුවෙන්
ආයෙමත් සටන් කරන්න තීරණය කරනවා. ඒ
වෙනුවෙන් කියුබාවේ ජනතාවගෙන්, තමන්ගේ දයාබර
දරු පවුලෙන්, කියුබානු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ
සහෝදරයාගෙන් සමුගෙන යන චේ ලෝකයාට අලූ‍ත්
ආදර්ශයක් දෙනවා. අපි දන්නවා, චේ කියන්නේ
ආදරණීය මිනිසෙක් කියලා. ඒ නිසාම ආර්ජන්ටිනාවේ
උපන් චේ කියුබාවේ ජනතාවගේ නිදහස වෙනුවෙන්
සටන් කළා. චේ දැනගෙන උන්නා ආදරය කියන්නේ
දේශසීමා රහිත දෙයක් කියලා. ඒ නිසාම එක තැනකට,
එක රටකට, තෝරාගත් එක බිමකට ආදරය කිරීමෙන්
ලෝකයට ආදරය කරන්න බැරි බව එයා දැනගෙන
උන්නා.
ඒක චේට කියලා දුන්නේ චේ ඉගෙන ගත්ත,
චේ විශ්වාස කරපු, චේ භාවිත කරපු දේශපාලනය.
ඒ තමයි, වාමාංශික දේශපාලනය, මාක්ස්වාදී
දේශපාලනය. චේ ලෝකයටත්, ලෝකයාටත් දේශසීමා
නැතුව ආදරය කළේ, එයා මාක්ස්වාදියෙක් නිසයි.
එයා ජාත්‍යන්තරවාදියෙක් වුණේ ඒ නිසයි. ඒ නිසයි
අධිරාජ්‍යවාදීන් චේ කියන ආදරණීය මිනිසා මරලා
දැම්මේ.
අපි මේ ගෙවන යුගයේත් ලෝකය ආදරය
හොයමින් තියෙනවා. අපි හුඟ දෙනෙක් හොයන්නේ
ආත්මාර්ථකාමී ආදරයක්. ඒත් ලෝකයට ඕනෑ
කරන්නේ එහෙම ආත්මාර්ථකාමී ආදරයක් නෙමෙයි.
ආත්මාර්ථකාමී නොවූ ජාත්‍යන්තරවාදියෙක් විදිහට
ලෝකයට ආදරය කිරීම කියන්නෙම දේශපාලනයක්.
ඒ දේශපාලනයේ සදාකාලික තාරුණ්‍යය තමයි, චේ
ගුවේරා. ඒ නිසයි අවුරුදු 39ක් පමණක් ජීවත්වුණු චේ
මරා දමලා අවුරුදු 53ක් ගිය තැනත් චේ තාමත් ජීවත්
වෙන්නේ. අපි සමාජවාදී තරුණ සංගමය විදිහට
චේ දිනය නම් කරමින් කරන්නේ, ඒ ආදරය කිරීමේ
වාමාංශික දේශපාලනයේ වලංගුභාවය වගේම අපේ
ඇස වසා තියෙන මිථ්‍යාව මිනිසුන් අතරට ගෙනයාම.

• හැබැයි දැන් වෙනකොට අපේ රටේ වගේම
ලෝකය පුරාත් චේ කියන්නේ විලාසිතාවක්,
වෙළෙඳ භාණ්ඩයක්?

ඔව්. ඒක ඇත්ත. චේව මරලා දාපු ඇමෙරිකාව
තමයි, වඩාත් හොඳින් චේ විලාසිතාවක් විදිහට
විකුණන්නේ. චේ පබ්, චේ රෙස්ටෝරන්ට්, චේ බියර්,
චේ.. චේ… චේ.. කියලා හුඟක් දේ විකුණනවා.
අපේ රටෙත් චේ කියන්නේ විලාසිතාවක් තමයි.
ඒක වැරදියි හෝ නරකයි කියන්න අපි ඉක්මන්
වෙන්නේ නැහැ. මොකද? ඒකෙන් පෙන්නන්නේ චේ
වගේ මිනිස්සු මරල දාලත් විනාශ කරන්න බැහැ කියන
එකයි කියලා අපි දන්නවා.
හැබැයි චේ විලාසිතාවක්, අනුරාගයක්, මෝස්තරයක්
වෙන්න ඕනේ දේශපාලනිකවයි. චේව හරියටම තේරුම්
ගැනීමෙනුයි. අපි මේ කරන්නේ, ඒ සඳහා උත්සාහයක්.

  • ඉරිදා ලංකා – 2020.10.04-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here