දුම්රිය මගීන්ට නිවේදනයක්

අද (07) රාත්‍රි 12 සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් පවසයි.

පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වා ද අද රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වා ගමන් කරන බව වාර්තා වේ.

ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය ගමන්වාර 30ක් තාවකාලිකව අත්හිටුවන බවද ඔවුන් පවසයි.

දුම්රිය බලධාරීන් පැවසුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ මෙම තීරණ ක්‍රියාත්මක බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here