මිනුවන්ගොඩ කොවිඩ් පොකුර: අද දිනයේ ආසදිතයින් 202 ක්

දිවුලපිටිය – මිනුවන්ගොඩ ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් පොකුර මේ වන විට 1034 දක්වා ඉහළ ගොස් තිබේ.ඒ් අද දිනයේ තහවුරු කරගත් ආසාදිතයින් 202 සමඟින්.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලවේ සේවකයිනට අමතරව වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ එක් අයෙකුට , ඒම ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකුට හා බණ්ඩානාරයක ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය අසාදනය වී ඇති තිබේ.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ මෙරටින් මීට පෙර හමු වූ කොවිඩ් පොකුරුවල PCR පරීක්ෂණ සිදු කිරීමේදී ඔවුන්ගේ වෛරස් ප්‍රමාණය පහළ මට්ටමක තිබුණු නමුත් මිනුවන්ගොඩ පොකුරෙන් හමුවන ආසාදිතයින්ගේ වෛරස ප්‍රමාණය වැඩි බවය.

වෛරස් ප්‍රමාණය වැඩි වන විට තවත් අයෙකුට පැතිරීමේ අවධානම වැඩි බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ.

මේ අතර පසුගිය සැප්තැම්බර් මස 20 වනදා සිට අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් අතර ශ්වසන රෝග තත්ත්වයන් තිබී ඇති බවට සිදුකළ විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පළමුව හඳුනාගත් දිවුලපිටිය කාන්තාව එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවත් ඇය ඒහි අතරමැදි අයෙකු බවට නිගමනය කළ හැකි බව සුදත් සමරවීර මහතා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here