විභාග පැවැත්වීම ගැන අවසන් තීරණය අද හෝ හෙට

අපෙස (උ/පෙ) සහ ශිෂ්‍යත්ව විභාගය යන විභාගයන් දෙක පැවැත්වීම පිළිබඳ අවසාන තීරණය අද හෝ හෙට දිනය තුල ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සඳහන් කලේ  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ  අනාගතයට බලපාන මෙම විභාගයන් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ උත්සාහයක් පවතින බවත් එසේ පවත්වන්නේ නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ඒ වෙනුවෙන් ගත යුතු බවත්ය.

කෙසේ නමුත් කොවිඩ් 19 හේතුවෙන් කිසිඳුු අවස්ථාවක පාසල් ළමුන්ව  අවධානමට ලක් නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here