20 වන සංශෝධනයෙන් ආයතන 117ක් විගණනයෙන් ඉවතට – ඒවායේ වාර්ෂික ආදායම කෝටි 32400ක් – ජවිපෙ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය සමාගම් 117ක් විගණනයෙන් ඉවත් කර තිබෙන බවත් මෙම ආයතන වල ආදායම වාර්ෂිකව රු. කෝටි 32,471ක් බවත් කෝප්කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  ඒ මහතා පැවසුවේ 20වැනි සංශෝධනය නිසා විගණකාධිපතිවරයා ස්වාධීන පුද්ගලයෙක් වෙනුවට තවත් එක රජයේ නිලධාරියෙක් බවට පත් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here