නයිජීරියවේ ළමා දූෂකයින්ට දෙන අපූරු දඬුවම..

නයිජීරියාවේ කඩුනා ප්‍රාන්ත රජය විසින් ළමයින් දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූවන්ගේ වෘෂණ කෝෂ ඉවත් කිරීමට සහ මරණ දණ්ඩනය ලබා දීමේ නව නීතියක් ක්‍රියාත්මක කර තිබේ.

වයස අවුරුදු 14 ට අඩු ළමයින් දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පිරිමින්ට මරණ දණ්ඩනය ලබා දීමට පෙර වෘෂණ කෝෂ ශල්‍යකර්මයෙන් ඉවත් කිරීමටත් වැරදිකරුවන් වන ගැහැණුන්ගේ පැලෝපීය නාල කපා ඉවත් කීරීමටත් ඒ අනුව, කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් නීති සම්පාදනය කර තිබේ.

කඩුනා හි ආණ්ඩුකාර Nasir el-Rufai,පැවසුවේ “බරපතල අපරාධවලින් ළමයින් තවදුරටත් ආරක්ෂා කිරීමට මෙම නව පියවර අවශ්‍ය” බවයි.

රට පුරා සිදුවන ස්ත්‍රී දූෂණවලට එරෙහිව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බොහෝ නයිජීරියානුවන් නව නීතියට යහපත් ප්‍රතිචාර දක්වා ඇතත් විචාරකයින් පවසන්නේ එය රටේ ව්‍යවස්ථාවට නොගැලපෙන ජනතාවාදී පියවරක් බවයි. අඩු වශයෙන් ස්ත්‍රී දූෂණ වාර්තාවීමට එය හේතු වනු ඇතැයි ඔවුහු පුරෝකථනය කරති.

නයිජීරියාවේ පසුගිය ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ලිංගික හිංසනය පිළිබඳ සිද්ධීන් 800 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව අප්‍රේල් මාසයේ සිට කොරෝනා වෛරසය හේතුවෙන් රට පුරා අගුලු දැමීමෙන් (lockdown)පසුව ඉහළ ගොස් ඇති බව නයිජීරියානු පොලිසිය පවසයි.

කෙසේ වුවත් , ළමා දූෂකයන්ට මෙතරම් දරුණු දඬුවමක් ලබා දුන් එකම රජය වන්නේ නයිජීරියාවේ කඩුනා ප්‍රාන්ත රජයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here