ඉන්දීය සිනමා රජු කොරෝනාවට විරුද්ධව නැගී සිටියි

සුපිරි ඉන්දීය නළු ශාරුක් ඛාන් සහ ඔහුගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනය වන Red Chillies International විසින් ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වෙනුවෙන් සිදු කරන ලබන සේවාවන් පිළිබඳව පසුගියදා දැනුවත් කිරීමක් සිදු කළා.

1. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් ඉදිරිපත් කළ කොරෝනා පිටුදැකීමේ අරමුදල සඳහා ශාරුක් සහ ජුහී චවුලා සම හිමිකම් ඇති කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රිකට් සමාගම විසින් මුදල් පරිත්‍යාග කිරීම. (මේ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100ක් පරිත්‍යාග කර ඇත)

2. මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත මහ ඇමති විසින් ආරම්භ කළ කොරෝනා පිටුදැකීමේ අරමුදල සඳහා මුදල් පරිත්‍යාග කිරීම (ඉන්දියානු රුපියල් කෝටි 20)

3. PPE Kits හෙවත් සෞඛ්‍යය සේවකයන්ගේ ආරක්ෂක ඇඳුම් උපාංග 50000ක් හැකි ඉක්මනින් ලබා දීම.

4. Ek Saath වැඩසටහන යටතේ මුම්බායි හි දිවිගෙවන ඉතා දිළිඳු පවුල් 5000ක් සඳහා මසක් පුරා වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම සහ දිනපතා දිළිඳු පුද්ගලයින් 2000කට පිසින ලද ආහාර ලබා දීම.

5. මහාරාෂ්ට්‍ර හිටපු පොලිස් ප්‍රධානී විසින් අරඹනු ලැබූ Roti Foundation සඳහා මසක් යනතුරු දිළිඳු පුද්ගලයින් 10000කට අවශ්‍ය ආහාර පාර්සල් ලබාදීම. මෙමගින් දිනකට ආහාර පාර්සල් ලක්ෂයක් ලබාදීමට නියමිතය.

6. දිල්ලි නගරයේ ජීවත්වන දෛනික වැඩ කරන දිළිඳු පවුල් 2500කට අත්‍යාවශ්‍ය ආහාර සහ බඩු මල්ලක් මාසයක් පුරා ලබා දීම.

7. උත්තර් ප්‍රදේශ්, දිල්ලි, බිහාර්, උත්තරාකාන්ද් සහ බටහිර බෙංගාලයේ වෙසෙන ඇසිඩ් ප්‍රහාර වලට ලක්වූ කාන්තාවන් 100ක් මේ කාලය තුළ සම්පූර්ණයෙන්ම රැකබලා ගැනීම.

තොරතුරුවලට අදාල ලිපිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here