“චතුරගේ මූණ බැලුවාම පේනවා…. අම්බ ජාතිවාදියෙක්”

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දීප්ති කුමාර ගුණරත්නගේ විග්‍රහය’ නමින් Sri Lanka Together – YouTube Channel එකෙහි 2019 මැයි මස 20 වන දින පළ කර තිබුණු වීඩියෝවක කොටසක් ඉහත දැක්වෙනවා.

චතුර අල්විස් නිවේදකයා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහනක විවේකය අතරතුර සිදුවුණු සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.

එම වීඩියෝ කොටසට, ඉහත වීඩියෝ කොටසින් ඉතාම සුදුසු සහ ඉතාම නිවැරදි පිළිතුරක්, මෙම සිදුවීම සිදුවීමට පෙරම ලබා දී තිබෙනවා. මන්ද ‘අත්වැරදීම වුනා යයි කියන එක’ වී ඇත්තේ දැන් වූවත්, එය වුවමනාවෙන්ම කාලයක් සිටම සිදු කරගෙන එන්නක් බව වර්ගවාදී, ජාතිවාදී නොවන ඕනෑම කෙනෙකුට පැහැදිලිවන කරුණක්.

එමෙන්ම ලංකාවේ ජනමාධ්‍ය යනු අමුම අමු බොරුවක් බවත්, තක්කඩි කමක් බවත් ‘අත්වැරදීමක් කියන’ දෙරණේ වීඩියෝවෙන් පැහැදිළි ය.

මෙම සටහන කිසිවෙකුගේ පුද්ගල චරිතයකට අපහාසයක් නොවේ, පුද්ගලයෙකු සහ වගකිවයුතු ටෙලිවිෂන් චැනලයකින් ශ්‍රී ලාංකිකයන් අතරේ ජාතිවාදය ඇවිස්සීම පිළිබඳව විවේචනයකි.

දීප්ති කුමාර ගුණරත්න සහභාගී වුනු සම්මුඛ සාකච්ඡාවේ සම්පුර්ණ වීඩියෝව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here