බදුල්ලෙන් ඕෂධී ද…. යෝෂිත ද…?

බදුල්ල දිස්ත්‍රික්කය මෙහෙයවූ කුමාර වෙල්ගම චන්ද්‍රිකාගේ පාර්ශවයට එක්වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙකුගේ තෝරාගැනීමට එම පක්ෂය සුදානම් වන බවට වාර්තා වෙයි.

එහිදී පසුගිය ජනාධිපතිවරණයේදීත් බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂිත ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ අසමත් වූ අතර මෙවර මහමැතිවරණය සදහා ප්‍රභල දේශපාලන නාමයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් යෝෂිත රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් කරවීම සඳහා උත්සාහයක් ඇති බව වාර්තා වෙයි.

නමුත් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඕෂධී හේවාමද්දුම තරග කිරීමට සුදානම් වී සිටියද මෙම යෝජනාවත් සමඟ ඒ ඇයගේ නම ඉවත්වන ලකුණු ඇති බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here