හැරී සහ මේගන් රාජකීය භූමිකාව අත්හැරීමේ තීරණයක

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් රජ පවුලේ භූමිකාවෙන් ඉවත්ව නිදහසේ වාසය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශයෙන් හැරී කුමරුගේ මිත්තනිය වන එලිසබත් රැජිණ පුදුමයට පත්වී ඇතැයි ද වාර්තා වේ.

මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට ද වැඩිකාලයක් උතුරු ඇමරිකාවේ ගතකිරීමට ද යුවල තීරණය කර ඇත. ගෙවී ගිය වසර හැරී කුමරුට කළබලකාරී වසරක් වූ අතර ජනමාධ්‍ය සමඟ සහ සිය වැඩිමහල් සොයුරු විලියම් කුමරු සමඟ මතභේදයන් ද ඇතිකරගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

දීර්ඝ සාකච්ඡා වලින් පසුව මෙම තීරණයට එළඹි බව හැරී කුමරු පවසා තිබේ.

මිත්තණිය, පියා සහ සොහොයුරා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම පියවර සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු ලබාදෙන බවත් හැරීකුමරු පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි – 085)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here