ලක්හඬ
  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාරික
ලක්හඬ

අන්තර්ජාලයේ ගමන් සගයා

  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාරික
Tag:

fire

    විදේශීය

    ගින්නෙන් වැනසෙන ඕස්ට්‍රේලියාව

    by Lakhanda News November 17, 2019
    written by Lakhanda News

    පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි තත්වය හේතුවෙන් මේ වන විට අක්කර මිලියන 2.5 ක පමණ භූමි ප්‍රමාණයක් සහ නිවාස 300ක් පමණ විනාශ වී ඇත. සෑම වසරකම ඕස්ට්‍රේලියාව තුළ ලැව් ගිනි හට ගැනීම සුලබ දෙයක් වුවත් පසුගිය 2018 වසරේ සහ මෙම වසර තුළදී හටගත් ලැව් ගිනි තත්වය වඩාත් විනාශකාරී ලෙසන් සමස්ත ඕස්ට්‍රේලියානු මහද්වීපයටම බලපෑම් කර තිබේ. පසුගිය වසරේ සහ මෙම වසර යන දෙවසරම තුළ සිදු වූ මහා ලැව් ගිනි තත්වයන් හේතුවෙන් අක්කර මිලියන 04 කට වඩා ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව සදහන් වේ. එමෙන්ම මේ හේතුවෙන් විනාශ වූ වගා බිම් සහ අනෙකුත් සම්පත් හි වටිනාකම ඇ.ඪො බිලියන ගණනක් වන බවට ඇස්තමේන්තුගත කර ඇත.

    ඕස්ට්‍රේලියාව පසුගිය වසර කිහිපයේදී එරට මුහුණ දුන් උණුසුම්ම කාලගුණික තත්වයකින් යුත් කාලපරිච්ඡේදයට මුහුණ දී තිබේ. ඉහළ යන ගෝලීය උෂ්ණත්වය ද ඕස්ට්‍රේලියාවේ ඉහළ යන ජනගහණයට සාපේක්ෂව ඉහළ යන උෂ්ණත්වය ද මේ සදහා හේතු වී තිබේ. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ජනගහණය ප්‍රධාන නගරයන් කිහිපයක් කරා රොක් වීමද මෙම තත්වය වර්ධනය වීමට එක් හේතුවකි. මෙම ඉහළ යන උෂ්ණත්වයට මුහුණ දීමට ඕස්ට්‍රේලියාව පුරා විසිරී පවතින තෘණ භූමීන් සහ සැහැල්ලු වනාන්තර පද්ධතිය අපොහොසත් වන අතර ලැව් ගිනි තත්වයන් හටගැනීමට සහ සීඝ්‍රයෙන් පැතිරීයාමට එම තත්වය හේතුවේ.

    මෙම අර්බුදකාරී තත්වය තවත් වර්ධනය කරමින් මේ වන විට ඕස්ට්‍රේලියාව පුරා ජල අර්බුධයක් හටගැනීමේ අවධානමක ලක්ෂණ නිර්මාණය වෙමින් තිබේ. පර්යේෂණ ආයතන විසින් පෙන්වාදෙන්නේ 2022 පමණ වන විට මිලියන 05ක පමණ ජනගහණයක් ජීවත් වන මෙල්බර්න් නගරයේ භූගත ජලය සම්පූර්ණයෙන්ම වියළී යාමේ තර්ජනයකට මුහුණදිය හැකි බවයි. සිඩ්නි හි පවතින වේලි තුළ පවතින ජල ගබඩා ධාරිතාව මේ වන විට 46.6%ක් දක්වා පහත වැටී ඇත. එමෙන්ම ඉදිරි සති කිහිපය තුළ එම මට්ටම 40% දක්වා පහත වැටෙනු ඇති බවට අනතුරු නිකුත්වී ඇත. එම නිසා ජල පරිභෝජනය සීමා කිරීමට පියවර ගැනීමට සිදුව තිබේ. එමෙන්ම මිලියන 08ක ජනගහණයක් වෙසෙන නිව් සවුත් වේල්ස් හි මෙම වසරේ ලැව් ගිනි තත්වය පසුගිය වසරට වඩා 03 ගුණයක් විශාල ලෙස වර්ධනය වී ඇති අතර ඒ හරහා ඉහළ ගොස් ඇති උෂ්ණත්වය මෙන්ම විනාශ වී ගොස් තිබෙන පරිසර පද්ධතියද අති විශාලය. මේ හේතුවෙන් එම ප්‍රදේශයට ද භූගත ජලය අහිමි වීමේ අවධානමක් නිර්මාණය වෙමින් පවතියි.

    මෙළෙස ලොව වටා නිර්මාණය වෙමින් පවතින්නේ ඉතා අර්බුදකාරී තත්වයකි. අප රටට ද මෙවැනිම අර්බුදයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බව වර්තමානයේ පහළ වෙමින් පවතින සළකුණු තුළින් පෙනීයමින් ඇත. ලැව් ගිනි ඇතිවීමට ප්‍රථම, ජල අර්බුදයක් හට ගැනීමට ප්‍රථම වනාන්තර එළි පෙහෙලි කිරීමෙන් වැළකීම, උෂ්ණත්වය ඉහළ යන කාබන් විමෝචනයට දායක වන ක්‍රියාවලීන් පාලනය කිරීම සහ ජල සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම වෙනත් ක්‍රියාමාර්ගයන් තුළින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සංවිධනය වීමේ අවශ්‍යතාවය මෙම කාලය තුළ වර්ධනය වෙමින් තිබේ. එලෙස සංවිධනය නොවීම අපගේ අනාගතය ඉතා දුෂ්කර එකක් බවට පත් කරනු ඇති බව නොඅනුමානය. එම නිසා ඇමසන්, කොංගෝ, ඉන්දුනීසියානු වැසිවනාන්තරයන්ට සහ ඕස්ට්‍රේලියාව, ඇලස්කාව වැනි ප්‍රදේශයන්ට අත්වූ ඉරණම අපට ද අත් වනු ඇත. එම නිසා දේශගුණික විපර්යාසයන් යනු තවදුරටත් අපට නොසළකා සිටිය හැකි මාතෘකාවක් නොවේ.


    Voice for Climate Change

    November 17, 2019 0 comment
    0 FacebookTwitterPinterestEmail

අලුත්ම පුවත් සහ විශේෂාංග

  • මහින්ද අගමැතිකම එපා කියයි

    November 19, 2019
  • “ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වෙන්න බැහැ” – ජාතික ජන බලවේගය

    November 17, 2019
  • ගින්නෙන් වැනසෙන ඕස්ට්‍රේලියාව

    November 17, 2019
  • ග්ලැසියරයක ප්‍රේමය

    November 15, 2019
  • ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව ඕමානයට කඩුලු 4ක ජයක්

    November 15, 2019

Categories

  • Videos
  • කලා
  • ක්‍රීඩා
  • දේශපාලන
  • දේශීය
  • විදේශීය
  • විශේෂාංග

ජනප්‍රියම පුවත් සහ විශේෂාංග

  • 1

    ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව ඕමානයට කඩුලු 4ක ජයක්

    November 15, 2019
  • 2

    ග්ලැසියරයක ප්‍රේමය

    November 15, 2019
  • 3

    ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 7.1ක භුකම්පනයක්

    November 15, 2019
  • 4

    “ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වෙන්න බැහැ” – ජාතික ජන බලවේගය

    November 17, 2019
  • 5

    මහින්ද අගමැතිකම එපා කියයි

    November 19, 2019

ලක්හඬට පුවත් සහ විශේෂාංග එවීමට

E-mail: [email protected]

ජනයුගය – සම්බන්ධ කරගන්න

E-mail: [email protected]

Telephone:
+94773286990, +94766006073

Subscribe ලක්හඬ

මෙම වෙබ් අඩවිය subscribe කිරීම සඳහා Email ලිපිනය ඇතුල් කරන්න.

Join 77 other subscribers

ලක්හඬ – Facebook

ලක්හඬ – Facebook

Main Tags

lakhanda

lakhanda.lk

lakhanda news

  • Facebook
  • Twitter
  • Linkedin
  • Tumblr
  • Youtube

@2019 - All Right Reserved. Designed and Developed by Rover Software


Back To Top