බිම්ශානි වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

මෙරට පලමු නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත්වූ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

ඊයේ (18) පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ,රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොල,සමඟි ජන බලවේගයේ මන්ත්‍රී රෝහිනී විජේරත්න සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහනධීර යන මහත්මීන්  සහභාගි විය.

පොලිස් ළමා හා න්තා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිධූරයට පත් කිරීමට අදාල රෙගුලාසි වල “කාන්තා” යන වචනය නොමැති බව පවසමින් ඇයගේ පත්වීම බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  පෙත්සමක් ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here