රජපිහිල්ල උද්‍යානයේ ගස් විනාශ කිරීම ගැන පරිසර ඇමති වාර්තාවක් ඉල්ලයි

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (04) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇත්තේ කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ තිබු විශාල ප්‍රමාණයේ ගස් 28ක් විනාශ කිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙසයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හෝ දිස්ත්‍රික් නිලධාරින් හෝ අනුමැතිය ලබා දී තිබේද යන්න පිළිබඳව සොයා බලන ලෙසටයි.

මේ අතර කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ සිදුකර ඇති දැවැන්ත පරිසර විනාශය පිළිබදව සොයා බැලීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික නාමල් කරුණාරත්න මහතා සහ ජාතික භික්‍ෂු පෙරමුණේ තිස්සව සුමනානන්ද හිමියන් හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් අද රජපිහිල්ල උද්‍යානයට පැමිණ තිබේ.

ජායා රූ : මංජු කුමාර – කුරුණෑගල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here