රතන හිමි හෙට පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

පූජ්‍ය අතුරලියේ රතන හිමි අපේ ජන බල පක්ෂය නියෝජනය කරමින් හෙට (05) පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක මහතා පවසයි.

පසුගිය මහමැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හමිවූ එකම මන්ත්‍රීධූරය වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ නම පසුගිය දා මැතිවරණ කොමිසම මඟින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්විය.

2004 වසරේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රීක්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණි පූජ්‍ය අතුරලියේ රතන හිමි 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රීක්කයෙන්ද,2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන්ද පාර්ලිමේන්තුවට තේරී පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here