විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට පහසුකම්

රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වූවන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ.

විදේශ ගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුලත් කිරිමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.

එලෙස ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සඳහා අදාල පැමිණිලි කරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් ලැබෙන අතර අදාල පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසුද ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here