උදුවප් පුර පසළොස්වක පෝය අදයි

බෞද්ධ ඉතිහාසයට අනුව උදුවප්පුර පසළොස්වක පෝය දිනය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙයි.

ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව සිදු කරමින් කළ ගුණ සැළකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි දිනකය. සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව වැඩම කළේ ද අද වැනි දිනකය.

ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද අද වැනි උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here