සේනා දළඹු උවදුර විමර්ශණයට ජනපති වගා බිම් වලට යයි

සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීමට අද (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට ගොස් තිබේ.

සේනා දළඹු උවදුර නිසා පසුගිය දෙවසරක කාලයක සිට බඩඉරිගු වගාවට හානි වීමෙන් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මෙහිදී ගොවීහූ ජනාධිපතිතුමා සමඟ කියා සිටියහ.

වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ගොවීහු ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළහ.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here