ඇන්ටාක්ටික් මහද්වීපයෙන් පළමුවරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි

ඇන්ටාක්ටික් මහද්වීපයෙන් පසුගිය දා (23) පළමුවරට ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබේ.

අසාදිත පුද්ගලයින් සියලූදෙනා ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කඳවුරක සිටි චිලී ජාතිකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් අතරින් 26 දෙනෙකු චිලී රාජ්‍යයේ හමුදා සාමාජිකයින් වන අතර ඉතිරි පුද්ගලයින් ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ උතුරු කෙළවරේ පිහිටි Beranardo o’Higgins පර්යේෂණ කදවුරේ නඩත්තු කොන්ත්‍රාත්කරැවන් බව ද එම මාධ්‍ය වර්තා වල සඳහන් වෙයි.

මේ වන විට මෙම ආසාදිතයින් 36දෙනා චිලියේ පුන්ටා අරීනාස් වෙත ගෙන ගොස් නිරෝධායනයට ලක්කර සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ඇන්ටාක්ටිකාවේ සියලුම ප්‍රධාන පර්යේෂණ හා වයපෘති නවතා දමා තිබෙන බවද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here