අද කාලගුණය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු සහ උතුරු-මැද පළාත් වල ද වැසි වාර කිහිපයක් ඇති වේ.සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සබරගමුව සහ දකුණු පළාත් වලත් කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here