මුව ආවරණ නොපැළ selfie ගැසූ චිලී ජනාධිපතිට ඩොලර් 3500 ක දඩයක්

SANTIAGO, CHILE - MARCH 03: President of Chile Sebasti??n Pi??era speaks during a press conference to confirm the first case of COVID19 Coronavirus in Chile at Palacio de Moneda on March 3, 2020 in Santiago, Chile. The 33 year old pacient at Talca Hospital is evolving favorably and will be sent home. (Photo by Sebasti??n Vivallo O??ate/Agencia Makro/Getty Images)

වෙරළ තීරයේ ,මුව ආවරණ නොපැළ කාන්තාවක් සමඟ සෙල්ෆි ගැනීමට පෙනී සිටි චිලී ජනාධිපති සෙබස්තියන් පිනෙරාට එරට අධිකරණයෙන් ඇමරිකානු ඩොලර් 3500 ක (දළ වශයෙන්) දඩයක් නියම කර තිබේ.

චිලී ජනාධිපති සෙබස්තියන් පිනෙරා මුව ආවරණයක් නොමැතිව මුහුදු වෙරළේ, කාන්තාවක් සමග පෙනී සිටි සෙල්ෆි ඡායාරූපයක් මෙම මස මුලදී (දෙසැම්බර්) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ.

එම ඡායාරූපය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාවද අයැදීමට කටයුතු කළ ජනාධිපතිවරයා පවසා සිටියේ ,කචගුවා නගරයේ පිහිටි නිවස අසල වෙරළ තීරයේදී කාන්තාවක් තමන් සමග ඡායාරූපයකට පෙනී සිටින ලෙස ඉල්ලා සිටි අතර තමන් අදාළ ඡායාරූපයට පෙනී සිටි නමුත් තමා එහිදී මුව ආවරණයක් පැලඳ සිටිය යුතුව තිබුණු බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් චිලී හි සියලුම පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවා ඇති අතර එම නීති උල්ලංගනය කරන්නන් සම්බන්ධයෙන් දඩ සහ සිර දඩුවම් පැනවිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here