බස්නාහිර පළාතෙන් පිටවන අයට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ස්ථාන 11ක්

බස්නාහිර පළාතේ පිටව යන පුද්ගලයන් සඳහා හෙට(22) සිට අධිවේගී මාර්ගය ඇතුලු ස්ථාන 11 කදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම ස්ථාන වන්නේ ,

  • හංවැල්ල සමනල පාලම අසල
  • ඉංගිරිය කැටකඩොල්ල පාලම අසල
  • නිට්ටඹුව හැලගල ගල අසල
  • ගිරිඋල්ල පාලම අසල
  • දොම්පේ සමන බැද්ද පාලම අසල
  • කොච්චිකඩේ තෝප්පුව පාලම අසල
  • බඩල්ගම මාකඳුර පාලම අසල
  • බෙන්තර පාලම අසල
  • කිනියාවල හන්දිය අසල
  • අවිත්තාව පාලම අසල
  • කලවාන සමන් දේවාලය අසල වේ.

පසුගිය සිකුරාදා (18) සිට මෙම අහඹු ඇන්ටිජන් පරීක්ෂණ පරීක්ෂණ ස්ථාන 4කදී සිදුකරනු ලැබූ අතර එමඟින් ආසාදිතයින් 11 දෙනෙකු හඳනාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here