පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරයි

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදාන පුණ්‍ය මහෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) දින ගල්ගේ විහාරය, උත්තරාරාමයේදී සිදු විය.

අග්‍රාමාත්‍යතුමා විසින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත සන්නස් පත්‍රය ප්‍රදානය ක‍රන ලදී.

අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමා ඇතුලු ආරාධිත මැති ඇමතිවරුන්ට ආශිර්වාද පිරිත් දේශනාවක් පැවැත්වූහ.

වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අරුත් ගන්වමින්, බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ අරමුණින් පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ හා රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමා, අග්‍රාමාත්‍යතුමාට සමරු සිහිවටන ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අමරකීර්ති අතුකෝරල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුලු මහත්වරු රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here