LPL ජය Jaffna Stallionsට

ලංකා ප්‍රිමියර් ලීග් 2020 තරඟාවලිය ජය ගැනීමට Jaffna Stallions කණ්ඩායම සමත්විය.

ඒ Galle Gladiators කණ්ඩායම සමඟ අද රාත්‍රීයේ පැවති අවසන් මහා තරඟය ලකුණු 53කින් ජයගනිමින්.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Jaffna Stallion කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 188ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල Galle Gladiators කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුළු 9 කට ලකුණු 135ක් පමණි.

Jaffna Stallion කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල ෂොයිබ් මලික් ලකුණු 46 ක් හා ධනංජය සිල්වා ලකුණු 33ක් රැස්කළ අතර නායකත්වයේ අගනා ඉනිමක් ක්‍රීඩාකළ තිසර පෙරේරා ලකුණු 39ක් රැස්කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here