දකුණු ආසියාවේ විශාලම මස් සැකසීමේ කර්මාන්තශාලාව කටුනායකදී විවෘත වෙයි

දකුණු ආසියාවේ විශාලම මස් සැකසීමේ කර්මාන්තශාලාව ඊයේ (12) නාමල් රාජපක්ෂ ඇමතිවයා ප්‍රමුඛ ඇමතිවරු විසින් විවෘත කර තිබේ.

දේශීය ව්‍යාපාරිකයෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇති මෙම කර්මාන්ත ශාලාව වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රුපියල් කෝටි 150ක් වෙයි.

ලෝක වෙළඳ පොළේ මස් නිෂ්පාදන අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මාලදිවයින, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල්වලට නිෂ්පාදන අපනයනය කිරීමට ඉලක්ක කර තිබේ.

මෙමගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත් සහ අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සහභාගී වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here