සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඝණයෙන් විශේෂ මෙහෙයුමක්

බෝරෝමාටා හි කෙවේ ගම්මානයට අරාබි මෙසිරියා ජන්ජාවිඩ්ස් කැරලිකරුවන් විසින් සිදුකරන ලද ගිනි තැබීමෙක් හේතුවෙන් විපතට පත් ගම්වැසියන් බේරා ගැනීමට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ගොස් සිටින ගුවන් හමුදා 62 ගුවන්යානා බලපන්තිය විසින් ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර තිබේ.

කැරලිකරුවන් සිදුකරන ලද මෙම ගිනිතැබීම හේතුවෙන් ගමවැසියන් 2000ක වඩා වැඩි පිරිසක් අවතැන් වූ අතර ඔවුන් සඳහා ආරක්ෂිත ස්ථානයක් නිර්මාණය කිරීම සහ සාමයට කළ හැකි සන්නද්ධ කැරලිකරුවන් සොයා ගැනීම සඳහා අංක 62 ගුවන් යානා බලඝණය මඟින් බුද්ධි තොරතුරු නිරීක්ෂණය සහ අවේක්ෂණ ගුවන් ගමන් වාර 8ක් සහ සැම්බියානු භටයින්ට ගුවනින් සහය දැක්වීම සඳහා ගුවන් වාර 3ක් සිදු කිරිමට හෙලිකොප්ටර් යානා දෙකක් බිරාවෝ වෙත යෙමු කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහිදි සිදුකළ සේවයට ප්‍රශංසා කළ දුත මණ්ඩල නිලධාරීන් ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය සහ කැපවිම ඇගයිමට ලක් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here