අවුරුදු 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ ‘මහා ග්‍රහ සංයෝජනය’ දැක ගැනීමේ දුර්ලභ අවස්තාවක්

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දින වල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී එම ග්‍රහ ලෝක දෙක එකින්නෙකට ඉතාමත් ආසන්න වී විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බව තාරකා විද්‍යාඥයින් පවසයි.

බ්‍රරහස්පති-සෙනසුරු සංයෝගයක් සෑම අවුරුදු 19.6කට වරක් සිදුවන නමුත් මෙවර දක්නට ලැබෙන සංයෝගය ඉතා සුවිශේෂී වූවකි. ඊට හේතු වන්නේ මෙවර සංයෝගයේ දී ග්‍රහයන් දෙදෙනා බොහෝ කිට්ටුවීමය.

මෙම ග්‍රහයන් දෙක මෙලෙස එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙර , වර්ෂ1623 ජූලි 16 වන දිනදීය.

එහිදී එම සංයෝජනය බොහෝ දෙනෙකුට නොපෙනුණේ එය සිදු වූයේ සූර්යයාට අංශක 13 ක් පමණ නැගෙනහිර දෙසින් වන අතර එය හිරු බැස යෑමේදී සූර්යයාට සමීපව ගමන් කරන බැවිනි.

මෙම ‘මහා ග්‍රහ සංයෝජනය’ පිළිබඳ පැහැදිලි කරන ,ග්‍රිනිච් රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ විශේෂඥයකු වන එඩ් බ්ලූමර් (Ed Bloomer) මහතා ”අපි පියෙවි ඇසින් එම දර්ශනය නරඹන විට පෙනෙන්නේ ඔවුන් දෙදෙනා අතර පරතරය 0.1º ක් හැටියටය. නමුත් යතාර්ථය ඊට වෙනස්වූවකි. පෘථිවිය සහ බ්‍රහස්පති අතර කිලෝමීටර් මිලියන 800කටත් වැඩි දුරකි. එසේම පෘථිවිය සහ සෙනසුරු අතරත් ඊට ආසන්න දුරක් ඇත. ඉහත කී දර්ශනය අප නෙතට හසුවන්නේ එම පිහිටීමේ කක්ෂ අනුවය.” යනුවෙන් පවසයි.

නැවතත් 2080 මාර්තු 15 වන දින ද අපට මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මේ අතර දෙසැම්බර් 13-14 දෙදින තුල ‘ගෙමිනිඩ්’ උල්කාපාත වැස්ස සමස්ත ලෝකයටම දර්ශනය වනු ඇති අතර මෙහිදී පැයකට උල්කාපාත 150ක් පමණ දැකගත හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here