ගාල්ලේ පාසල් තවත් සතියක් වසාදමයි – මහනුවර පාසැල් 42ක් සඳුදා සිට විවෘතයි

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කරයි.

පවතින කොරෝනා වසංගත තත්වය පිළිබද සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය.

නමුත් ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තවදුරටත් වසා තැබෙන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here