පස් හැවිරිදි දරුවෙකුට හා කාන්තාවට මරු කැඳවූ අනතුර

යාපනය, නුනාවිල් ප්‍රදේශයේදී අද(09) දහවල් සිදුවු රිය අනතුරකින් කාන්තාවක් හා කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ නුනාවිල් මංසන්ධිය ප්‍රදේශයේ දී යාපනය සිට කොඩිකාමම් දෙසට ගමන්ගත් මෝටර් රථයක් මාර්ගය අසළ නවතා තිබු බවුසර රථයක ගැටී ඇති බවය.

මෝටර් රථයේ ගමන්ගත් යාපනය, නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් හා පස් හැවිරිදි පිරිමි දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර, ජිවිතක්ෂයට පත්වූවන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමු කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.

මෝටර් රථයේ ටයරයක් පිපිරීමෙන් මෝටර් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළහ.

සිදුවීම සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here