ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් අද සිට වසා දමයි

පසුගිය දින කිහිපය තුළ ගාල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් අද (07) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ, උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් පහකට පසුගිය 05 වනදා සවස 5.00 සිට සංචරණ සීමා පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here