සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 18000 පනී – මරණ 66ක්

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් වී තිබේ. ඒ ඊයේ වාර්තා වූ මරණ 5ත් සමඟින්ය.

ඊයේ මියගිය අයගේ විස්තර සැකෙවින් මෙසේයි.

  1. කොළඹ 10, අවු 65ක පිරිමි පුද්ගලයෙක්
  2. රත්මලාන, අවු 69ක කාන්තාවක්
  3. කිරුළපන, අවු 71ක කාන්තාවක්
  4. කොළඹ 2, අවු 81ක කාන්තාවක්
  5. දෙමටගොඩ, අවු 82ක පිරිමි පුද්ගලයෙක්

මේ අතර ඊයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 398ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 18075ක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here