ක්‍රිකට් වලට අලුත් තේරීම් කමිටුවක්

යුද හමුදාපති ලූ‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් නව ක‍්‍රිකට් තේරීම් කමිටුවක් යෝජනා කර තිබේ.

චමින්ද මෙන්ඩිස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, හේමන්ත දේවප‍්‍රිය, රංජිත් මදුරසිංහ, උවයිස් කර්නයින්, නිල්මිනී ගුණරත්න සහ හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඇතුලත් නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අනුමැතිය ලබා දිය යුතුයි.

අනුමැතිය ලබන මෙම කමිටුව පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් මෙන්ම යොවුන් කණ්ඩායම් ඇතුළු සියලූ‍ ක්‍රිකට් තේරීම් කටයුතු සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here