කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රැටික් කරුණාසිංහ නිදොස් කොට නිදහස්

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු භාපති ප්‍රැටික් කරුණාසිංහ සහ ඔහුගේ සොයුරු ප්‍රියන්ත කරුණාසිංහ යන පුද්ගලයින් නිදොස් කොට නිදහස්කර තිබේ.

අද (16) අභියාචනාධිකණ විනිසුරුවන් විසින් එම නියෝගය කළ බව අප වාර්තාකරු පැවසීය.

2017.07.17 වන දා කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් දස වසරක සිර දඬුවම් නියම කළේ, 1999 දෙසැම්බර් මස 15 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් මතව, කොහිලේගෙදර ප්‍රදේශයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි තබා, එවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකළ බවට කියන සිද්ධියකට එරෙහිවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here